ජපාන තානාපති හා විපක්ෂ නායක අතර හමුවක්

ජපාන තානාපති Akio Isomata සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් ඊයේ (01) කොළඹ දී පැවැත්වුණා.මෙහි දී ජපානය සහ ශ්‍රී ලංකාව අතර දීර්ඝ කාලයක් පැවැති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ඉදිරියටත් පවත්වාගෙන යන ලෙසත්, ඒ සඳහා තමාගේ උපරිම දායකත්වය ලබාදෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජපාන තානාපතිවරයා හමුවේ කියා සිටියේ.

එසේම, පසුගිය කාලය තුළ ජපානය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කරන ලෙස ද විපක්ෂ නායකවරයා ඉල්ලා සිටි අතර, ඒ සඳහා අවශ්‍ය උපරිම සහයෝගය විපක්ෂයේ සිට තමා ලබාදෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Recent Post