ශ්‍රී ලංකාව ලොව ජනප්‍රියම දිවයින ලෙස රන් සම්මානයෙන් පිරිනැමේ

2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island ) ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ ලන්ඩනයේ පැවති the Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදීයි. මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8වන ස්ථානයයි. ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් මෙහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මනාපය පළ කර තිබුණා.

එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයට තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයින් දෙක හිමිකර ගැනීමට සමත් ව තිබෙනවා. කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය පල කර ඇති බව සඳහන්.

අනෙකුත් කාණ්ඩවලදී, ඕස්ට්‍රේලියාව වඩාත් කැමතිම රට ලෙස තේරී පත් වූ අතර, ටෝකියෝ වඩාත් කැමතිම නගරය ලෙස තේරී පත් ව තිබෙනවා.

Recent Post