300කට අධික මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව​ක්

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 300කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව පැවසුවේ ගතවු පැය 24තුළ ලැබී ඇති පැමිණිලි 53ක් ද සමඟින් මේ දක්වා ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 343ක් බවයි.

ගතවු පැය 24 තුළ මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 21ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි 32ක් ලැබී ඇති බව සදහන්. ඔක්තෝබර් මස 18 වන දින සිට මේ දක්වා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි කිසිවක් ලැබී නොමැති අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පමණක් අදාළ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරණවා. මෙම පැමිණිලිවලින් පැමිණිලි 145ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයටත්, තවත් පැමිණිලි 198 දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය වෙතටත් ලැබී තිබෙනවා.

Recent Post