ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමේ රජයේ අරමුණක් පිළිබඳව මාධ්‍යවල අසත්‍ය තොරතුරු පැතිර යන බව ආරක්ෂක අමාත්‍යංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා. එසේම කිසිදු අවස්ථාවක ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට ලබා දී ඇති හිමිකම් කප්පාදු කිරීමට වත්මන් රජයට කිසිදු අදහසක් නොමැති බවත් ඔහු කියා සිටිනවා. ආරක්‍ෂක ලේකම්වරයා ලෙස වැඩභාර ගැනීමෙන් අනතුරුව ඔහු ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිදුකල පළමු නිල සංචාරයේදී ගුවන් හමුදා සාමාජිකයින් අමතමින් මේ බව පැවසුවා.