ව්‍යාපාරික දිලිත් ජයවීර ප්‍රධානත්වය දරන මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ දිලුම් අමුණුගම පත්කර තිබෙන බව වාර්තා වෙනවා. ඔහු පොහොට්ටුව නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අතර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතාට සහයදුන් අයෙක්.
මෙම පක්ෂයේ ආරම්භක සභාපති ධුරය දැරූ ආචාර්ය සරත් අමුණුගම, දිලුම් අමුණුගම මහතාගේ සමීපතම ඥාතිවරයෙක්. පසුගිය මැයි මාසය අගදී ආචාර්ය සරත් අමුණුගම එම පක්ෂයේ සභාපති ධුරයෙන් හා එහි සියලු තනතුරු වලින් ඉල්ලා අස්වූයේ ජාතිවාදීන් එම පක්ෂයට එකතු වීම නිසා බව පවසමින්.