බිත්තර මිල පහලට

බිත්තර මිල සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර බිත්තරයක මිල රු.28/ත් – රු.35/ත් අතර වූ මිල පරාසයක පවතින බවට මාධ්‍ය මඟින් ද වාර්තා කර ඇත. එම නිසා බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබා දිය යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, වෙළඳ ප්‍රජාව වෙත දැනුම් දී තිබේ.

මිල අඩු වීමට සාපේක්ෂව බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ද අඩු විය යුතු අතර ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස බේකරි හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය ඇතුළු බේකරි සහ හෝටල් හිමිකරුවන් වෙත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දැනුම් දෙනු ලැබේ.

අලෙවි කරන බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල පැහැදිළිව පෙනෙන ආකාරයෙන් වෙළඳසැලෙහි ප්‍රදර්ශනය කළ යුතු බව වැඩිදුරටත් දැනුම් දෙන අතර එසේ සිදු නොකරන වෙළඳුන් සම්බන්ධව දිවයින පුරා වැටලීම් සිදු කිරීමට කටයුතු කරනු ලැබෙන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර ඇත.

එම අධිකාරිය නිකුත් කළ නිවේදනය පහත සඳහන් වේ.

Recent Post